Sunday, September 5, 2010

ආමි අයියා

ඉතින් ඔන්න වැඩ ටිකක් නිදහස් වුනා. ඒ නිසා මේ පැත්තෙ රවුමක් ගහල යන්න ආව.
ඊයෙ පොඩි චාන්ස් එකක් ලැබුන සජීවී බොක්සිං තරඟයක් බලන්න. ඇත්තටම මම ඔය ගහගන්න කැමති මනුස්සයෙක් එහෙම නෙවි. (හිනා) ඒත් ඉතිං අපේ සේවා ස්ථානයෙන් එක්කගෙන ගිය නිසා මමත් ගියා බලන්න. ඒත් ඉතින් මට උදේ වරුවෙ පොඩි විභාගයක් තිබුන නිසා ඒක ඉවරවෙල තමයි ගියෙ. විභාගෙ ඉවර වුනා 2.00ට විතර. ඉතින් තරඟෙ පටන්ගන්නෙ 5.00ට නිසා මමයි හිරායි ගියා ගාලු මුවදොර පැත්තෙ පොඩි රවුමක් දාන්න. ගිනි අවුව තමයි. ඒත් ඉතින් අපිටත් පිස්සු හින්ද ගියා.
ඉතින් මම මේ කියන්න හැදුවෙ ගෝල් ෆේස් එක ගැන නෙවි.
අපි එනගමන් තව යාළුවෙක් අපිව ගන්න එනව කීව නිසා අපි දෙන්න පාර අයිනට වෙලා හිටිය. ඉතින් ඔයාල දන්නව ඇතිනෙ ගෝල් ෆේස් එක ඉස්සරහ තියෙනවනෙ ආමි චෙක් පොයින්ට් එකක්. ඔන්න ඔතන තමයි අපි හිටියෙ.
ඔහොම ඉන්නකොට අපි ඉස්සරහ හිටිය ආමි එකේ සහෝදරයෙක්. එයා ඉතින් අපි දිහා බලල හිනා වුනා. ඉතින් අපිත් හිනා වුනා. ඉතින් ටික වෙලාවක් යනකොට අපි හොඳ යාලුවො වෙලා. ඒත් ඉතින් එයාට , එයා හිටපු ටකරං තහඩුවෙන් එහාට යන්න පුලුවන්කමක් තිබුනෙ නෑ. ඔහොම ඉන්න අතර ආව මුස්ලිම් මනුස්සයෙක් එයාගෙ ත්‍රී රෝද රථයෙ බිරිඳත් එක්ක. එයාව පරික්ෂා කරන්න මුරපොලේ නැවැත්වුව. අවසානයේ එයා ආපහු යන්න හදනකොට හරි වැඩේ එයාගෙ ත්‍රී වීල් එක ස්ටාර්ට් වෙන්නෙ නෑ. ඉතින් අනේ අපේ මේ සහෝදර සෙබළ තමයි අර දෙන්නවත් දාගෙන අරක තල්ලු කලේ. මොනතරම් ලෙංගතුකමක්ද. ඒ ඇවිත් එයා කියනව.
 "මල්ලි දැන් මේ රටේ මිනිස්සුන්ට යුද්ධයක් තිබ්බද කියලවත් මතක නෑ. අපි මිනී කෑලි අරන් අත් දෙකින් වලදැම්ම. අපේ කොල්ලො අපේම අත්වල අන්තිම හුස්ම හෙළුව. ඒත් අනිත් මිනිස්සුන්ට දැන් ඒව මතක නෑ. අඩුම තරමෙ සමහර අය දැක්කම හිනාවත් වෙන්නෙ නෑ. මල්ලිට දැන් හිතුනොත් ගිහින් අර රැල්ල පාගන්න, මල්ලිට යන්න පුලුවන්. ඒත් මට බෑ. මම මෙතන ඉන්න ඕන. ආයෙත් කොටි අපිට ගැහුව දවසකට තමයි අපේ මිනිස්සුන්ගෙ ඇස් ඇරෙන්නෙ. ඇත්තටම යුද්ධෙ ආයෙත් එනවනම් අපි කැමතියි. එතකොට උඩහට වෙලා පාඩුවෙ ඉන්න පුලුවන්" කියල.
රට බේරගත්ත රණවිරුවෙක් ආයෙත් කොටි ගහනවනම් හොඳයි කියල කියන්න තරම් කළකිරිල තියෙන විදිහ මොන තරම් ශෝකජනකද? ඇත්තටම අපේ මිනිස්සු මොනතරම් නින්දිතද? එදා රටේ අමු අමුවෙන් මිනිස්සු මැරෙද්දි කොහොමද? අද මිනිස්සු ඒ උදාර රණවිරුවො අමතක කරල දාල.
මේවට වගකියන්න ඕන අපිද, රටේ මිනිස්සුද, රට කරන මිනිස්සුද කියන එක මටනම් තවමත් තේරෙන්නෙ නෑ. සමහරවිට ඕව තේරුම්ගන්න තරම් මම මුහුකුරා ගිහින් නැතුව ඇති. ඒත් අපි තරම් අතීතය අමතක කරන නින්දිත ජාතියක් ලොවේ කොහෙවත් නැතුව ඇති කියලනම් මට තේරෙනව.

4 comments:

Chandana said...

Wow... A great one Sasa... Really interesting. You have a lony long way to Go... All the Very Best....!

සසඳ said...

බොහොම ස්තුතියි සහෝ...

මකුළුවා..... said...

‍ඕකට හේතුව මේකයි.සිංහලයට ඕනම දෙයක් මතක තියෙන්නේ සති දෙකයි.මේක මම කීව කතාවක් නෙමේ. W.Pකරන් කියපු කථාවක්.
එක අතකම පුදුම වෙන්න දේකුත් නෑ.නිකම් දෙනවනම් දෙමළ පත්තරේ වුනත් කමක් නෑ කියන මිනිස්සු ඉන්න අපේ රටට 1948 නිදහස ලබාගන්න මහන්සි වෙච්ච එක වීර වරයෙන්වත් අවසාන මොහොතෙදි අපේ රටට හොඳයි කියලා තියනවද?අවංකවම කියනවනම් දැන් ඉන්න නමට සිංහල ජාතිකයන් ගැන අපි ලැජ්ජා වෙන්න ඕනේ.

සසඳ said...

@මකුළුවා
කතාව සහතික ඇත්ත. බෝම්බයක් පුපුරල දහස්‌ ගණනක් මැරුණත් අපේ මිනිස්සුන්ට මතක දවස් දෙකයිනෙ. එහෙම නැත්නම් රවට්ටනව කියල දැන දැනත් හැමදාම කාලකන්නි දේශපාලකයින්ට රැවටෙයිද ?